නව නිපැයුම් හා නවෝත්පාදන ක්ෂේත්රයට හැඳින්වීමක්...
පරිණාමය ත් සමඟ විවිධ යුග පසු කරමින් පැමිණි මිනිසා සෑම විට ම එදිනෙදා ජීවිතයේ පැන නගින ගැටලු උදෙසා විසඳුම් සෙවූහ. කාලයාගේ ඇවෑමෙන් මිනිස් අවශ්‍යතා කරණ කොට ගෙන තාක්ෂණය දියුණු විය. ගෝලීයකරණය සහ තාක්ෂණයේ දියුණුවත් සමඟ ඇති වූ ගැටලු සහ අවශ්‍යතා සඳහා විසඳුම්, මිනිසා දශක ගණනාවක සිට ගවේෂණය කරමින් සිටියේ ය. පූර්ව -තාක්ෂණික කාල පරිච්ඡේදය වනාහි සමහර කුරුලු විශේෂ සහ ප්රයිමේට් විශේෂ හැරුණු විට - අදවන විට අනෙකුත් සියලු ම සත්ත්ව විශේෂ පවතිින - මුල් ප්රාග් ඓතිහාසික මිනිසාගේ තර්කානුකූල නොවන කාල පරිච්ඡේදය කි. තාර්කික චිත්තාංශයේ දියුණුව ත් සමඟ ඇති වූ තාක්ෂණයේ පුනරුදය එහි පදනම සඳහා මං පෙත් විවර කළේය; මෙවලම්. තම අරමුණ වඩාත් කාර්යක්ෂම ලෙස සාක්ෂාත් කර ගැනීම සඳහා ශාරීරික ශ්‍රමය අවම කරන නගුල, මිටිය වැනි මෙවලම් යාන්ත්‍රික වාසියක් ලබා දෙන බව ඔවුන් වටහා ගත්හ. දෙවන තාක්ෂණික පියවර වූයේ යන්ත්‍ර නිර්මාණය කිරීම යි. යන්ත්‍රයක් (වඩාත් නිවැරදි ලෙස බල ගැන්වෙන යන්ත්‍රයක්) යනු මිනිස් ශාරීරික වෑයමේ අංගයකට හෝ කොටසකට හෝ ආදේශ කරන මෙවලම කි, එහි ක්‍රියාකාරිත්වය පාලනය කිරීමට පමණක් මිනිස් ශ්‍රමය අවශ්‍ය විිය. කාර්මික විප්ලවය ත් සමඟ මෙකී යන්ත්‍ර තාක්ෂණය පුළුල් විය. තාක්ෂණික පරිණාමයේ තුන්වන අදියර නම් ස්වයංක්‍රීයකරණය යි. ස්වයංක්‍රීයකරණය යනු ස්වයංක්‍රීය ඇල්ගොරිතමයක් මඟින් මිනිස් පාලනයේ මූලිකාංග ඉවත් කරන යාන්ත්‍රණය කි.
එම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස නව නිපැයුම් හා නවෝත්පාදන සමාජගත විය. පසු කාලීන ව එය ක්ෂේත්රයක් ලෙස ද ප්‍රසිද්ධ විය. එනයින් "ගැටලුවක් හෝ අවශ්‍යතාවක් සඳහා තිරසාර නව්‍ය විසඳුමක් හෝ පවතින යමක් නව්‍ය හෝ වැඩිදියුණු කළ සංකල්පයක් සමඟ ලබා දීමේ ක්‍රියාවලිය පදනම් වූ ක්ෂේත්රය" නව නිපැයුම් සහ නවෝත්පාදන ක්ෂේත්රය ලෙස හැඳින්වේ. නව නිපැයුම්කරුවකු යනු නව හෝ වැඩිදියුණු කළ උපාංගයක්, නිෂ්පාදනයක් හෝ ක්‍රියාවලියක් සඳහා අදහසක් ජනනය කළ හැකි පුද්ගලයෙකු හෝ කණ්ඩායම කි. නව නිපැයුමක් නිර්මාණයේ දී මූලික වශයෙන් අදහසක් පසු ව විස්තරයක්, සටහනක් හෝ ආකෘතියක් වශයෙන් සංයුක්ත තොරතුරු බවට පරිවර්තනය කළ යුතු ය. නව නිපැයුමක් යනු නව හෝ වැඩිදියුණු කළ උපාංගයක්, නිෂ්පාදනයක් හෝ ක්‍රියාවලියක් සඳහා වූ අදහසක් නැවත විස්තරයක්, සටහනක් හෝ ආකෘතියක් වශයෙන් නිශ්චිත තොරතුරු ලබා ගත හැකි ක්‍රියාවලිය කි. එබැවින් නව නිපැයුම්කරුවකුට නව නිපැයුම් හෝ පවතින ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීම සඳහා බොහෝ අදහස් තිබිය හැකි නමුත් අදහස් යතාර්ථ වස්තුවක් බවට පරිවර්තනයවන තුරු මේවා නව නිපැයුම් නොවේ.
සියලු නව නිපැයුම් හා නවෝත්පාදනවල පදනම පරිකල්පනය සහ නිර්මාණශීලීත්වය යි. එසේම නව නිපැයුම් හා නවෝත්පාදන ක්ෂේත්රය නූතන සමාජයේ වඩාත් නැඹුරුතාව බහුල ක්ෂේත්රය කි. අතීතයේ දී මිනිසා කරත්ත ප්‍රවාහන ක්‍රමය ලෙස භාවිතා කළ නමුත් දැන් එය ඉලෙක්ට්‍රොනික හා ඉන්ධන මත පදනම් වූ ප්‍රවාහන ක්‍රමයක් බවට පත්ව ඇත. අතීතයේ ද වඩාත් කැපී පෙනුණු රැකියාව ඉංජිනේරු (Engineering) වෘත්තිය වූ නමුත් වර්තමානයේ එය පරිකල්පක (Imagineering) වෘත්තිය බවට පත් වී ඇත. පරිකල්පනය යනු නව්‍ය දෙයක් ගැන සිතීම හෝ නව සංකල්පයකින් යමක් සැලසුම් කිරීම යන්න යි. එබැවින් සෑම ක්‍රියාවලියක ම පදනම පරිකල්පනය යි. කම්කරු යුගය අභිබවා යමින් සිටි මිනිසා වර්තමානයේ තාක්ෂණික යුගය අභිබවා යමින් සිටි යි. දැන් අප ජීවත් වනුුයේ ද අනාගතයේ ජීවත් වනුුයේ ද පරිකල්පක යුගයක ය. නවීන තාක්ෂණය දුරස්ථභාවය අවසන් කර ඇති අතර එමඟින් ලෝකය, සබඳතා හා සන්නිවේදනය දෙසින් කුඩා අවකාශයක් බවට පත් ව ඇත. නව නිපැයුම සහ නවෝත්පාදනය සමස්ත ලෝකය හි ම දියුණුවට ඉතා වැදගත් ය. එසේ ම එය බොහෝ ගැටලු සඳහා තිරසාර විසඳුම් ලබා දේ. නව නිපැයුම් සහ නවෝත්පාදන මඟින් තරඟකාරී වෙළඳපොලේ අදාළ ආයතනවලට රැඳී සිටීමට ඉඩ සලසන අතර ආර්ථික වර්ධනය සඳහා ද එය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. තීරණාත්මක ගැටලු විසඳීමේ හැකියාව ද නව නිපැයුම් හා නවෝත්පාදනයන් මත රඳා පවතින අතර විශේෂයෙන් දියුණු වෙමින් පවතින රටවලට එය අත්‍යන්ත සාධකය කි. අද අප ජීවත් වනුුුයේ සංකීර්ණ හා තරඟකාරී, ව්යාපාරිකත්වයට නැඹුරු, ලාභ අභිප්‍රේරිත සහ දැනුම පදනම් කොටගත් සමාජයක් තුළ ය. නව නිපැයුම් හා නවෝත්පාදන ක්ෂේත්රය මෙම සමාජයේ අභියෝග ජයගැනීමට පමණක් නොව මෙම සමාජය තුළ පවතින ගැටලු රාශියකට තිරසාර විසඳුම් සෙවීම සඳහා ද අත්‍යවශ්‍ය වේ.
නව නිපැයුම් සහ නවෝත්පාදන නූතන පැවැත්ම සඳහා මූලික හේතුව යි. පොදුවේ ගත් කල, නව නිපැයුමේ හා නවෝත්පාදනයේ ප්‍රතිඵලය සැම විට ම දියුණුවක් විය යුතු ය. සමාජ දෘෂ්ඨි කෝණයට අනුව, නව නිපැයුමේ හා නවෝත්පාදනයේ මූලික ප්‍රතිඵල නම් ආර්ථික වර්ධනය, යහපැවැත්ම සහ සන්නිවේදනය වැඩි වීම, අධ්‍යාපනික ප්‍රවේශය සහ පාරිසරික තිරසාර බව ය. අවසාන වශයෙන්, සෑම ක්‍රියාවලියක ම ඵලදායිතා ව වැඩිදියුණු කරන නව නිපැයුම් හා නවෝත්පාදන ක්ෂේත්රය ලෝකයේ පැවැත්මට පමණක් නොව ගෝලීය අභිවෘද්ධිය සඳහා ද අත්‍යවශ්‍ය ය.