top of page

නව නිපැයුම්කරුවන්ගේ සංගමය

ezgif-2-6b5dbaa319d5.gif

නව නිපැයුම්කරුවන්ගේ සංගමය ඉිසිපතන විද්‍යාලයීය යොවුන් නව නිපැයුම්කරුවන් සඳහා වූ අග්‍රගන්‍ය සංගමයකි. වර්ෂ 2019 දී චතුරි ගීගනගේ මිය (සහකාර විදුහල්පති), මහේෂිකා නිරිඇල්ල මිය (වත්මන් සංගම් භාර ආචාරිණී) සහ අයෝමා ප්‍රියංගනී මිය (වත්මන් සංගම් භාර ආචාරිණී) යන අයගේ මාර්ගෝපදේශයෙන් නිල වශයෙන් ස්ථාපනය කරනු ලැබීය.

ඉසිපතන විද්‍යාලයීය නව නිපැයුම්කරුවන්ගේ සංගමය වශයෙන් අපගේ ප්‍රධාන අභිප්‍රාය වනුයේ සංකීර්ණ හා තරඟකාරී, ව්‍යාපාරිකත්වයට නැඹුරු, ලාභ අභිප්‍රේරිත හා දැනුම පදනම් කොටගත් සමාජයක් කුළ පැන නගින අභියෝග ජයගැනීම සඳහා පරිකල්පනයෙන්, නිර්මාණශීලීත්වයෙන් හා පෞරුෂත්වයෙන් යුත් නව නිපැයුම්කරුවකු බිහි කිරීම යි. "කාර්යයහි පරිකල්පනය" නම් ආදර්ශ පාඨය ද පරමාණුවක සංකේතය ද යොදාගනිමින් නව නිපැයුම්කරුවන්ගේ සංගමයේ නිල ලාංඡනය නිර්මාණය කරන් ලද්දේ පරිපාලන සාමාජිකයින් විසිනි.

පළමු අංගය (කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය මඟින් මෙහෙයවනු ලැබූ ආරම්භක වැඩමුළුව) 2019 වර්ෂයේ ඔක්තොම්බර් මස විසිවන දින පැවැත්වුණි.

සාමාජිකයින් 40ක පමණ ප්‍රමාණයකින් ආරම්භ වූ ඉසිපතන විද්‍යාලයීය නව නිපැයුම්කරුවන්ගේ සංගමය දැනට සාමාජිකයින් දෙසියයකට අධික සංඛ්‍යාවකගෙන් සමන්විතය.

"යමක් පිළිබඳව අලුතින් සිතීම" යන්න අර්ථ නගමින් "NOVICIA" නම් ලතින් වචනය ඉසිපතන විද්‍යාලයීය නව නිපැයුම්කරුවන්ගේ සංගමයේ සියලු ව්‍යාපෘතිවල සන්නාම නාමය ලෙස තෝරාගන්නා ලදි.

elogonew.png
INVENTORS' ASSOCIATION - LOGO.png

පරිපාලන ව්‍යුහය

විදුහල්පති : ඔෂාර පණ්ඩිතරත්න මයා නියෝජ්‍ය විදුහල්පති : ගාමිනී රම්‍යකුමාර මයා සහකාර විදුහල්පති (විෂය සමගාමී - සංගම්) : අරේශා මිය

සංගම් භාර ආචාර්යවරුන් : මහොෂිකා නිරිඇල්ල මිය, අයෝමා ප්‍රියංගනී මිය

සභාපති : දහම් නෙත්සර ලේකම් : නිසුල සන්හිදු

උප සභාපති : උදුල හේමාල් සහකාර ලේකම් : යසිත් චාමික භාණ්ඩාගාරික : කුළිඳු බාලසූරිය

සම සභාපති : සසඳර ගුණරත්න සම ලේකම් : හිමත් මන්දුල්

නිල ඡායාරූප ශිල්පී : උවිඳු මානෙත් සංස්කාරක : ටනුෂ්ක ඇල්විටිගල 

ප්‍රධාන සංවිධායකවරුන් : සසිඳු පළිහවඩන, තෙවිඳු ප්‍රේමතිලක, පමෝද් දිල්ශාන්, සත්නිඳු කවිහාර, දිනුල් කාශ්මීර

ප්‍රධාන සම්බන්ධීකාරක : සසිඳු, දිසඳු

© Inventors' Association of Isipathana College

I2.png
Grandeur of A Year.png
ICIA - OAS - Logo.png
  • Facebook
  • Instagram
  • YouTube
  • Twitter
bottom of page